ශ්‍රී දළදා මාළිගාවේ විදුලි බිල නොගෙවූ බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන කතාවල කිසිදු සත්‍යයතාවක් නොමැති බව දියවඩන නිළමේ ප්‍රදීප් නිලංග දෑල පවසයි.
මෙතෙක් කල් දළදා මාළිගාවට කිසිදු විදුලි බිලක් නොලැබුණු බවයි, ප්‍රදීප් නිලංග දෑල ප්‍රකාශ කළේ.
මෙවර පෙර නුවූ විරූ ලෙස රු. ලක්ෂ 27කට අධික විදුලි බිලක් ලැබුණු බවත් මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා සමග සාකච්ඡා කොට ඉන් ලක්ෂ 13ක් ගෙවා දැමූ බවත් ඔහු වැඩි දුරටත් සඳහන් කරයි.