මාව හිරේ දැම්ම ගෝඨාව ජනතාව රටෙනුත් පන්නලා දැම්මා..! දෙවි පිහිටින් උසාවිය මා නිදහස් කළා..! – බදියුදීන්…

November 2, 2022 at 3:36 pm | by emanisa.lk

ගෝඨාභය රාජපක්ෂ බලයට පැමිණියේ තමා ඇතුළු මුස්ලිම් ප්‍රජාවට පාස්කු ප්‍රහාරය පිළිබඳ චෝදනා එල්ල කරමින් බව හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පවසයි.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අයුක්ති සහගත ලෙස මාස 07ක් තිස්සේ තමා සිරගත කොට ඊළඟ මැතිවරණය ද ජයග්‍රහණය කිරීමට සිහින මැවූ බවයි, හිටපු ඇමැතිවරයා පෙන්වා දෙන්නේ.

කෙසේ වුව ද ගෝඨාභය රාජපක්ෂ සිය ධූර කාලය සම්පූර්ණ කිරීමටත් පළමුව ජනතාව විසින් රටෙනුත් පළවා හැරි බවත් දෙවි පිහිටින් උසාවිය තමා සියලු චෝදනාවලින් නිදහස් කළ බවත් රිෂාඩ් බදියුදීන් පවසයි.

පාස්කු ප්‍රහාරයට අදාළව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ හිටපු අමාත්‍ය බදියුදීන්ට එරෙහිව පවරා ඇති නඩුවකින් කොටුව අධිකරණය ඔහු නිදහස් කිරීම පිළිබඳ ට්විටර් සටහනක් තබමින් හෙතෙම මේ බව ප්‍රකාශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *