අද (24) උදෑසන කටුනායක ගුවන් තොටුපළේ දී තමා සන්තකයේ තිබී අත්අඩංගුවට පත් රත්තරන් සහ දුරකතන තොගය තම මිතුරෙකුගේ බව පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සබ්රි රහීම් පවසයි.
ඩුබාහි සිට පැමිණ ගුවන්තොටුපළ VIP පර්යන්තයෙන් පිටවීමට උත්සාහ කිරීමේ දී අත්අඩංගුවට පත් අලී සබ්රි පවසන්නේ අනුන්ගේ වරදකට තමන්ට බැනුම් ඇසීමට සිදුව ඇති බවයි.
තමා අත්අඩංගුවට පත් අවස්ථාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෝ අගමැති දිනේෂ් ගුණවර්ධන තමා රැක ගැනීමට ඉදිරිපත් නොවූ නිසා ජනක රත්නායක මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ධූරයෙන් නෙරපීමට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළ බවයි, ඔහු පාර්ලිමේන්තුවේ දී මාධ්‍ය අමතමින් සඳහන් කළේ.