මාලිමා සමූපකාර දැන් ෆුඩ්සිටි එක්ක තරඟ කරනවා…!

December 29, 2023 at 5:42 pm | by emanisa.lk

ජාතික ජනබලවේගයට සමුපකාර බලය භාරදීමේ රැල්ලක් ඇති වී තිබෙන බව ජවිපෙ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස සඳහන් කරයි.

මෙතෙක් සමුපකාර මැතිවරණ පැවැත්වූ ස්ථානවල ප‍්‍රගතිය දැක ජනතාව මේ සඳහා පෙළඹී ඇති බවයි, ඔහු සඳහන් කළේ.

බලය ලබාගෙන වැඩි කල් නොගොස් තම පාලනයක් යටතේ සමූපකාර වැඩ පෙන්නමින් සිටින බවත් බොහෝ ස්ථානවල සමූපකාරවලින් පවත්වාගෙන යන වෙළඳසැල් සුපිරි වෙළඳ සැල් සමග තරග කරන මට්ටමට ගෙනවිත් ඇති බව ද හෙතෙම කියා සිටියේය.

ජාතික ජනබලවේගයට සිල්ලර කඩයක්වත් කරන්න බැරි යයි කලින් චෝදනා කළ අය දැන් කුමක් කියන්නේදැයි ඔහු ප්‍රශ්න කළේය.

ඔහු මේ බව කියා සිතේ ජාතික ජන බලවේගයේ ජන හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *