මාලිමා වේදිකාවට වඩිද්දී චීවරධාරියෝ භික්ෂූන් වහන්සේලා වෙනවා..! – මිහින්තලේ විහාරාධිපති හිමි….

September 7, 2024 at 6:34 pm | by emanisa.lk

මේ රටේ පැවතිය යුත්තේ ජාතික ජන බලවේගය පමණක් නොවන බවත් රටේ පුරවැසියන්ට නිදහස් අදහස් ප්‍රකාශ කිරීමට අයිතියක් තිබිය යුතු බවත් මිහින්තලා රජමහා විහාරාධිපති වලවහැංගුණුවැවේ ධම්මරතන හිමි පවසයි.

මාලිමා වේදිකාවේ භික්ෂූන් සිටින්නේ නම් ඒ භික්ෂූන් වහන්සේලා වන අතර අනෙකුත් වේදිකාවල සිටින්නේ නම් චීවරධාරීන්, දුසිල්වන්තයන් යැයි හංවඩු ගසන බවට ද එහිමියන් චෝදනා කරයි.

ජනතාවට සවන් දෙන අයෙකුට රට භාරදිය යුතු බවත් සියලු ආගම් සහ ජාතීන්ට සලකන සජිත් ප්‍රේමදාසට රට භාරදිය යුතු බවත් ධම්මරතන හිමි පැවසීය.

දේශීය වෛද්‍ය ජාතික සම්මුතිය එළිදැක්වීමේ උත්සව අවස්ථාව සමග එකතු වෙමින් එහිමියන් මේ බව කීහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *