මාලිමා ආර්ථික විද්වතුන්ගේ නොදන්නකම ගැන ජාත්‍යන්තරයත් පුදුම වෙනවා..! – හර්ෂ ද සිල්වා..

September 11, 2024 at 8:04 pm | by emanisa.lk

වත්මන් ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ තමන්ට අලුතින් ක්‍රියාත්මක කළ හැකි යැයි ජාතික ජන බලවේගය ප්‍රකාශ කරන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා පවසයි.

ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් ලංකාවට පැමිණ බොහෝ පාර්ශ්ව සමග සාකච්ඡා කළ බවත් සිකුරාදා දිවයිනෙන් පිටත්වීමට පෙර සිදු වූ දේ ප්‍රකාශ කළ බවත් හෙතෙම සඳහන් කරයි.

ජාතික ජන බලවේග ආර්ථික කණ්ඩායම තමන් සමග කී දේවල් විශ්වාස කළ නොහැකි වූ බව එම පිරිස තමන් සමග පැවසූ බවයි, හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ.

වර්තමාන වැඩපිළිවෙළට විකල්ප වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන බව සඳහන් කරන්නේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ මූලික දැනුමවත් නොමැති පිරිසක් දැයි ඔවුන් තමාගෙන් විමසූ බව ද හෙතෙම සඳහන් කරයි.

වර්තමාන වැඩපිළිවෙළ අවුල් කරගත හොත් 2022 වැටුණු තැනටත් වඩා නරක තැනකට රට වැටෙන බව ජනතාව දැනගත යුතු බවට ද හර්ෂ ද සිල්වා අනතුරු අඟවයි.

සමගි ජන බලවේග මාවතගම ජන හමුව අමතමින් ඔහු මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *