මාලිමා ආධාරකරුවන්ගෙන් මාධ්‍යයට තර්ජන….!

September 15, 2024 at 3:15 pm | by emanisa.lk

ජාතික ජන බලවේගයේ ඡන්ද ප්‍රචාරණ කටයුතුවල නිරත වූ පිරිසක් තමන්ට තර්ජනය කරමින් පහර දීමට උත්සාහ කළ බව ජනමාධ්‍යවේදී, වෘත්තීය ජනමාධ්‍යවේදී සංගමයේ හිටපු ප්‍රධාන ලේකම් ෆ්‍රෑන්ක් ද සොයිසා පවසයි.

ඔහු සඳහන් කළේ, තමන්ගේ හෝමාගම, පිටිපන පිහිටි නිවස ඉදිරිපිටට පැමිණ, බැන තර්ජනය කර මෙලෙස පහර දීමට උත්සාහ කළ බවයි.

මෙම පිරිස මැතිවරණ නීති උල්ලංඝනය කරමින් 15කට අධික පිරිසක් සමග මැතිවරණ ප්‍රචාරණ කටයුතු කිරීම නීති විරෝධී බව තමන් ප්‍රකාශ කිරීම නිසා මෙලෙස බැණ වැදුණු බවයි, ෆ්‍රෑන්ක් ද සොයිසා ප්‍රකාශ කළේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *