රටේ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ ජනතාවගේ කැමැත්ත විමසා බැලිය යුතු බව ජාතික ජන බලවේගයේ කේ.ඩී. ලාල්කාන්ත පවසයි.
ඒ සඳහා ජනමත විමසුම් පැවැත්විය යුතු බවයි, ඔහු පෙන්වා දෙන්නේ.
කෙසේ වුව ද කොළඹ සිට ගාල්ලට අධිවේගී මාර්ගයක් තැනීමේ දී ජනතාවගෙන් එවැනි විමසීමක් නෙකෙළ බව කේ.ඩී. ලාල්කාන්ත සඳහන් කරයි.
ඊයේ පැවැති ජාතික ජන බලවේග මැයි දින ජන රැලියට එකතු වෙමින් හෙතෙම මේ බව ප්‍රකාශ කළේය.