ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් තම ආණ්ඩුවක් යටතේ ව්‍යාපාර නොකරන බව එම පක්ෂයේ ආර්ථික කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා පවසයි.
“ජාතික ජන බලවේගයේ මාලිමාවේ සැලුන් දොරක් නැහැ. තියෙන්නේ මේ රටේ රාජ්‍ය දේපළ වංචා කළ හොරුන්ට වහපු දොරක්. ඒ නිසා මාලිමාවේ පාලනයක් තුළ හොරුන්ට නීතියෙන් ගැලවීමට ඉඩක් ලැබෙන්නේ නැහැ. ඔවුන් නීතිය හමුවට ගෙන එනවා.
සමහරුන් කියනවා මාලිමාව බලයට ආවොත් තියෙන අයගෙන් අරන් නැති අයට බෙදා දෙනවා කියලා. තවත් සමහරුන් කියනවා මාලිමාව බලයට ආවොත් සමෘද්ධිය හා අස්වැසුම නැති කරනවා කියලා. මේ බොරු ප්‍රකාශවලින් හතුරා හදන්නේ ඇති අයයි නැති අයයි දෙගොල්ලොම අපට එරෙහිව බය කරන්න. ඒවා අමූලික බොරු. අසත්‍ය කතා. එහෙම දෙයක් වෙන්නේ නැහැ.
මේ රට හදන්නට මුලින්ම ආදර්ශයක් දෙන්නට ඕනේ දේශපාලකයෝ. අද පාර්ලිමේන්තුවේ ඉන්න හුඟක් මන්ත්‍රීවරු වගේ මාලිමාවේ ආණ්ඩුවක් යටතේ අපි ව්‍යාපාර කරන්නේ නැහැ. අපි කරන්නේ දේශපාලනය.”
සුනිල් හඳුන්නෙත්ති මහතා මේ බව පැවසුවේ බියගම ප්‍රදේශයේ පැවති ජාජබ ව්‍යාපාරික සමුළුවක් අමතමිනි.