වර්තමාන ආණ්ඩුව පත්ව ගෙවුණු සති දෙක තුළ පාතාළ ක්‍රියාකාරකම් විශාල වශයෙන් ඉහළ ගොස් ඕනෑම අයකු මහ මග මරා දමන තැනට රට පත්ව ඇතැයි පිවිතුරු හෙළ උරුමය පවසයි.
පිවිතුරු හෙළ උරුමය මොරටුව ආසන සංවිධායක කුමාර රාජරත්න පෙන්වා දෙන්නේ වර්තමාන ජනාධිපතිවරයා එම ධුරයට පත්වීමට පෙර දිය ඇල්ලක නෑමට ගිය තරුණ තරුණියන්ගේ ජීවිත රැක ගැනීමට පවා කතා බවයි.
පාතාළය පිටුපස සිටින්නේ දේශපාලනඥයන් බව ජනතා විමුක්ති පෙරමුණ පුන පුනා සඳහන් කළ ද දැන් ඔවුන්ගේ ආණ්ඩුව යටතේ පාතාළය පාලනය කරගත නොහැකි වී ඇත්තේ ඒ පිටුපස ජවිපෙ සිටින නිසා දැයි කුමාර රාජරත්න ප්‍රශ්න කරයි.
පසුගියදා (09) මාධ්‍ය හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.