මාලිමා ආණ්ඩුවක් නම් බැඳුම්කර ණය ගෙවන්නේ නෑ…! – අනුර…

October 30, 2023 at 10:59 am | by emanisa.lk

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග පවතින එකඟතා පිළිබඳ නැවත සාකච්ඡාවකට යාම සඳහා ජන වරමක් ලබා ගන්නා බව ජාතික ජන බලවේග නායක අනුර දිසානායක පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ, එවැනි ජනවරමක් සමග මාලිමා ආණ්ඩුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡාවකට ගිය විට ඔවුන්ට එය ප්‍රතික්ෂේප කළ නොහැකි බවයි.

රනිල් වික්‍රමසිංහට එවැනි සාකච්ඡාවකට යාමේ උවමනාවක් නොව ගිවිසුම අත්සන් කිරීමේ තදියමක් පමණක් පැවැති බව ද ඔහු පෙන්වා දුන්නේය.

එසේ ම සිය ආණ්ඩුවක් පැවැතියේ නම් ඩොලර් බිලියන 12ක් වන ස්වෛරී බැඳුම්කර ණය ගෙවීම නතර කරන බවත් බැඳුම්කර හිමියන් ඒවා මිලට ගෙන ඇත්තේ එම අවධානම සමග බවත් අනුර දිසානායක ප්‍රකාශ කළේය.

ඇමරිකාවේ ජන හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *