මාලිමාවේ ප්‍රාදේශීය නායකයකු යැයි කියා ගත් පුද්ගලයකු දුරකතනයෙන් තර්ජනය කළැයි දීවිල්ල ග්‍රාම සංවර්ධන සමිතියේ සභාපති කේ.ජී. ජයරත්න යටවත්ත පොලිසියට පැමිණිලි (23) කර තිබේ.
සභාපතිවරයා යුද හමුදා සේවයෙන් විශ්‍රාම ලැබූ කොමිෂන් නිල නොලත් නිලධාරියෙකි.
යටවත්ත ප්‍රාදේශීය සභාව ඒගොඩමුල්ල ගොලැන්ගල සහ බතලහේන දක්වා මාර්ගය සංවර්ධනය කිරීම ආරම්භ කිරීමෙන් උරණවූ ප්‍රාදේශීය නායකයා යැයි කියන අය මාලිමාවේ ප්‍රාදේශීය කමිටුවේ අවසරයකින් තොරව ප්‍රදේශයේ කිසිදු සංවර්ධනයක් කළ නොහැකි යැයි පවසා බැණ තර්ජනය කළ බව සභාපතිවරයා පැමිණිලි කර ඇත.
ඊට ඒගොඩමුල්ල, ගොලැන්ගල සහ බතලහේන ජනතාව පෙරේදා (23 වැනිදා) ඒගොඩමුල්ල ප්‍රජා ශාලාවට එක්ව දැඩි විරෝධය පළ කළහ. ජනාධිපතිවරයා සහ බුද්ධශාසන ආගමික කටයුතු සංස්කෘතික නියෝජ්‍ය ඇමැතිවරයා දැනුවත් කිරීමටද ඔවුන් තීරණය කර තිබේ.
මෙම ගම්මාන දක්වා පිවිසෙන මාර්ගය, ගෙදරවෙල වෙල් යාය දක්වා මාර්ගය සංවර්ධනය යටවත්ත ප්‍රාදේශීය සභාව ආරම්භ කළ අතර විසල් මාතලේ ජල ව්‍යාපෘතිය මගින් පානීය ජලය සැපයීමට ජාතික ජලාපවහන හා ජල සම්පත් මණ්ඩලයේ අඹන්ගඟ කාර්යාලයේ නිලධාරීහු ක්ෂේත්‍ර පරීක්ෂණයක් සිදු කළහ.
සුනිල් රූපසිංහ – පල්ලේපොළ