ජාතික ජන බලවේගය නම් අසුර කණ්ඩායම තමා අභියෝගයක් සේ සලකා බිය වී තමනට පහර දෙන බවට ගාළු මුවදොර අරගල නායකයෙක් වූ වෛද්‍ය පැතුම් කර්නල් චෝදනා කරයි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දේශපාලන මතවාදය සහ ආර්ථික මතවාදය මේ මොහොතේ සමාජය තුල පැල කරන්නේ තමා බවත් තමන්ගේ ආර්ථික මතවාදයට අනුව රනිල් වික්‍රමසිංහ ද මේ වන විට වැඩ කරමින් සිටින බවත් හෙතෙම කියා සිටී.
ඒ අනුව තමාගේ පූර්ණ සහයෝගය රනිල් වික්‍රමසිංහට හිමි වන බවත් හෙතෙම අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් අවධාරණය කරයි.