මාලිමාව එක්ක නම් හැප්පෙන්න එන්න එපා… ධර්මෙලට ඥානෙලට සිවුරු ගලවලා ගහන්නේ…! – සේපාල් අමරසිංහ…

September 16, 2024 at 6:55 pm | by emanisa.lk

ඉදිරි ජනාධිපතිවරණයේ දී ඡන්ද ලක්ෂ 70-80ක් ජාතික ජන බලවේගය ලබා ගන්නා බව එම පක්ෂයට සම්බන්ධ සමාජ මාධ්‍ය ප්‍රධානියකු වන සේපාල් අමරසිංහ පවසයි.

එහෙයින් ඡන්ද 50%ක් ලබා ගෙන මාලිමා ආණ්ඩුවක් බිහි වීම පිළිබඳ කිසිදු සැකයක් නැති බව ද හෙතෙම අවධාරණය කරයි.

අනතුරුව ප්‍රගතිශීලී ජනතාව ද එකතු කරගෙන ඉදිරි මහා මැතිවරණයට පසු මාලිමා ආණ්ඩුවක් පිහිටුවන බව ද එම බලවේගය සමග හැප්පෙන්නට නොඑන ලෙස ඔහු භික්ෂූන් වහන්සෙලා කිහිප නමකට ද අනතුරු අඟවයි.

“ඒ හින්දා යූරියා සමන්ත වෙන්න පුළුවන්, මිහින්තලේ ධර්මේ, මහමෙවුනාවේ ඥානේ වගේ විෂබීජ ටිකක් ඉන්නවා. ඒ අයට සල්ලි වියදම් කරන්නත් විශාල පිරිසක් ඉන්නවා.

හැබැයි ඒ ගොල්ලට සමාජ දේශපාලන බලයක් මෙතන නෑ. ඒක අපි තහවුරු කරලා ම කියනවා. ඒ නිසා බොරුවට හැපෙන්න ඇවිත් සිවුරු ගලවගන්න එපා. යම් යම් පිරිස්වලට පොඩි පොඩි සංවිධානාත්මක හැඟීමුත් තියෙනවා. අපි ගහන්නේ නැගිටින්න නෙමෙයි නෙ.”

සමාජ මාධ්‍ය වෙත වීඩියෝවක් නිකුත් කරමින් ඔහු මේ බව පවසා ඇති අතර එය සමාජ මාධ්‍යවල සංසරණය වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *