ඉදිරි මහ මැතිවරණයේදී ජාතික ජන බලවේගයට දැඩි සටනක් දීමේ අරමුණින් සමගි ජන බලවේගය එක්සත් ජාතික පක්ෂය සමග එක්වීම බොහෝ දුරට සිදුවනු ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ග පවසයි.
මෙම එක්වීම සිදුවනුයේ එජාප නව නායකයා ලෙස රුවන් විජයවර්ධන මහතා පත් කළ යුතුය යන සමගි ජන බලවේගය පාර්ශ්වයෙන් ඉදිරිපත් වූ දැඩි කොන්දේසියට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ එකඟත්වය හිමිවීම මතය.
ඉදිරි මහ මැතිවරණය සඳහා සජබය සහ එජාපය එකට එක්ව තරග කළ යුතු බවට එජාපය පාර්ශ්වයෙන් හරීන් ප්‍රනාන්දු මහතා ප්‍රථමයෙන් යෝජනා කර ඇත.
පසුගිය ජනාධිපතිවරණයේ දී අනුර දිසානායක ඡන්ද ලක්ෂ 56ක් ලැබූ අතර සජිත් ප්‍රේමදාස ලක්ෂ 43ක් ද රනිල් වික්‍රමසිංහ ලක්ෂ 22ක් ද ලැබීය.