මාලිමාවේ අධ්‍යාත්මික නායකයා ධම්මික පෙරේරා…. ගල් අඟුරු ටෙන්ඩරේ දුන්නෙත් එයාලට… ජවිපෙ වෘත්තීය සමිතිවලටත් ධම්මික ගෙවනවා…! – මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි…

April 18, 2026 at 1:32 pm | by emanisa.lk

වර්තමාන ආණ්ඩුව ගල් අඟුරු ටෙන්ඩරය ලබා දී ඇත්තේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරාට අයත් සමාගමකට බව මහචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි පවසයි.

මෙම ආණ්ඩුවේ ආධ්‍යාත්මික නායකයා ධම්මික පෙරේරා බවට සහ එය මෙහෙය වන්නේ ඔහු බවට ජනතාව අතර මතයක් ඇතැයිද ඔහු ප්‍රකාශ කරයි.

ධම්මික පෙරේරා ඇතුළු ව්‍යාපාරික ලෝකය සමග ජවිපෙට කාලයක සිට සබඳතා තිබූ බවත් ජවිපෙ ඔවුන්ගේ ආයතනවල වෘත්තීය සමිත නිර්මාණය කර සාමුහික ගිවිසුම් අත්සන් කොට තිබූ බවද නිර්මාල් රංජිත් දේවසිරි සඳහන් කරයි.

ජවිපෙ වෘත්තීය සමිති එම ආයතනවල වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගත්තේ ඉතාම කලාතුරකින් වන අතර ඒ වෙනුවෙන් අදාළ සමාගම් එම වෘත්තීය සමිති අරමුදල්වලට ප්‍රකට හෝ අප්‍රකටව හෝ ආධාර ලබාදෙන බවද ඔහු වැඩි දුරටත් පෙන්වා දෙයි.

මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මේ බව ප්‍රකාශ කළේ ඊයේ (17) සිය YouTube නාලිකාවට වීඩියෝවක් නිකුත් කරමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *