මාලිමාවත් පැරණි වහල් සංස්කෘතියේ කොටසක් කළා… අගමැතිනියගේ පල්ලම් බැසීමට ස්ටාලීන්ගේ විරෝධය…!

March 15, 2025 at 4:39 pm | by emanisa.lk

පාසල් උත්සව සඳහා දේශපාලකයන් සම්බන්ධ කර නොගැනීමට ආණ්ඩුව ගත් හොඳ තීන්දුව ආපස්සට හැරවීම කනගාටුවට කරුණක් යැයි ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂප් ස්ටාලින් පවසයි.

යහපත් අධ්‍යාපන සංස්කෘතියක් වෙනුවෙන් අත්‍යවශ්‍ය පියවරක් වූ එය වෙනස් කළේ කුමන කරුණක් නිසාදැයි තේරුම් ගත නොහැකි යැයි ද හෙතෙම සඳහන් කරයි.

පාසල් කටයුතු දේශපාලකයන් නැතිව කරගත නොහැකි මට්ටමට පසුගිය රාජ්‍ය කාලයේදී දූෂිත සංස්කෘතියක් නිර්මාණය වී තිබුණේ යැයි කී හෙතෙම අගමැතිනියගේ අලුත්ම ප්‍රතිපත්තිය ඊට උඩගෙඩි දීමක් යැයි චෝදනා කළේය.

පාසල් උත්සව කටයුතු සඳහා දේශපාලකයන් සහභාගි කර ගැනීමෙන් වළකින ලෙසට අධ්‍යාපන ඇමැති හැටියට උපදෙස් දෙනු ලැබුවේද අගමැතිනිය විසින්ම බව ද පාසල් පද්ධතිය දේශපාලනය සඳහා අවභාවිත නොකිරීම සියලු දෙනාගේ වගකීමක් බව ද කියමින් ඇය ගත් මුල් ස්ථාවරයෙන් පල්ලම් බැසීම පිළිගත නොහැකි යැයි ද ජෝෂප් ස්ටාලින් ප්‍රකාශ කරයි.

දේශපාලකයන් උත්සවවලට ගෙන්වා දරුවන් ලවා වැන්දවීමේ වහල් සංස්කෘතියක් එදා නිර්මාණය වී තිබුණේ යැයිද අද වන විට ආණ්ඩුවේම ඇතැම් දේශපාලකයන් එම සංස්කෘතියේ කොටස්කරුවන් වී ඇතැයිද ඔහු චෝදනා කළේය.

13 total views , 1 views today

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *