රට බංකොලොත් වීමට ප්‍රධාන හේතුව වූ බදු කපා හැරීම ඇතුළු විනාශකාරී යෝජනා සියල්ල හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට යෝජනා කළේ වියත්මග විසින් බව සමගි ජන බලවේග ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක පවසයි.
“මේ දවස්වල ලොකු කතාවක් යනවා මාර රැල්ලක්නේ එන්පීපී එකට කියලා. ජේවීපි රැස්විම්වල හිට ගෙන ඉන්නේ ඔවුන්ම අරන් යන ඔවුන්ගේම කණ්ඩායමක්. ඊට අමතරව ගෝඨාට වැඩ කරපු වියත් මගේ කොටසක් එතැන ගිහින් හිට ගෙන ඉන්නවා. මේ වියත් මඟේ උන් තමයි රට බංකොලොත් කළේ. වියත් මඟ කියන එක දිහා හැරිලවත් බලන්න මම කැමැති නෑ. ඒ ගොල්ල තමයි රට බංකොලොත් කළේ. මේ වියත් මඟ මේ රටට කරපු අපරාධවලින් කිහිපයක් මම කියන්නම්.
එක කොළඹ නගරයේ සැහැල්ලු දුම්රිය සේවයක් පටන් ගන්න හැදුවා.. ඒකට දශම භාගයක විතර පොලියකට ජපානය ණයක් දුන්නා. මේ වියත් මඟ ඇවිත් ඒක නැවැත්තුවා. ඒක නැවැත්වීම නිසා ජපානය අපිත් එක්ක තරහ වුණා. පසුගිය අවුරුචු 50-60 තුළ අපට වැඩියෙන්ම උදව් කරපු රට ජපානය. ජපානය තරහ වුණා. රුපියල් මිලියන 12,000 ක වන්දියක් ගෙවන්න වුණා.
මේ රටේ බංකොලොත්භාවයට ප්‍රධාන හේතුව වුණ බදු කපා හැරීමට යෝජනා කරල තියෙන්නෙත් මේ වියත් මඟයි. අනෙක් මේ රටේ කාබනික පොහොරවලට උපදෙස් දSල තියෙන්නෙත් මේ වියත් මඟයි. මදිද රටට කරල තියෙන ප්‍රමාණය. රටට මේ හෙන ගහන අපරාධය කළේ ගෝඨට උපදෙස් දුන්න මේ වියත් මඟයි.”
ඊයේ (07) සවස මහනුවර මඩවල දී පැවැති ජන පවුර රැස්විමක් අමතමින් මන්ත්‍රීවරයා මේ බව කීය.