ජාතික ජන බලවේගය බලයට පැමිණියහොත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව අත්සන් කළ IMF ගිවිසුම ඉස්පිල්ලක් පාපිල්ලක් නෑ ක්‍රියාත්මක වන බවට ඔවුන් පාරම් බෑ බව ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රී චන්දන සූරියආරච්චි සඳහන් කරයි.
එහෙත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිය ආණ්ඩුව පැවැත්වූ තුන්වන සාකච්ඡාවේ දී කලින් රජය එකඟ වී ඇති කොන්දේසි ලිහිල් කිරීමට යම් වෙනස් කිරීමට ලක්කළ බවයි, මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
ජනතාවට හිතකර ආකාරයෙන් වර්තමාන ආණ්ඩුව ඇති කරගත් එම එකඟතා නිසා අද වන විට ආර්ථිකය යම් ප්‍රමාණයකට ස්ථාවරය වෙමින් ඇති බව ද චන්දන සූරියආරච්චි ප්‍රකාශ කරයි.
කොළඹ දී මාධ්‍ය අමතමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.