මාලිමාණ්ඩුව ළඟදීම ණය ගැනීමෙන් පහුගිය ආණ්ඩු පරාද කරනවා….! – හර්ෂ ද සිල්වා…

October 19, 2024 at 8:57 am | by emanisa.lk

පසුගිය ආණ්ඩු සිදුකළ ණය ගැනීම ඉතා දැඩිව විවේචන කළ ජාතික ජන බලවේගය ආණ්ඩු බලය ලබාගැනීමෙන් අනතුරුව පසුගිය ආණ්ඩුවලටත් වඩා ණය ගන්නා නැඹුරුවක් පෙන්නුම් කරන බව සමගි ජන බලවේග හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

“මට හොඳට මතකයි, පහුගිය ආණ්ඩුවෙන් මහා ලොකුවට ණය ගත්තා කියලා මඩ ගැහුවා. ණය ගන්න ඕනෙද මෙහෙම කියලා කිව්වා. නමුත් ගිය ආණ්ඩුවට වඩා මේ අලුත් ආණ්ඩුව ණය ගන්න තත්ත්වයක් තමයි තියෙන්නෙ. යතාර්ථය තමයි මේක.

අලුත් ණය ගන්න ප්‍රමාණය යම්කිසි විදියකට අඩුකරගන්න පුළුවන් වෙන්නෙ ප්‍රාථමික ගිණුමේ අතිරික්තය තව දුරටත් ශක්තිමත් කරගත්තොත් විතරයි. ප්‍රාථමික ගිණුමේ අතිරික්තය ශක්තිමත් වෙන්න නම් රජයේ ආදායම වැඩිවෙන්න ඕනෙ. ආදායම වැඩිවෙන්න නම් මූලික වශයෙන්ම බදු තමයි ලබාගන්න ඕනෙ.

ඉතින් අපි වැඩි විවේචනයක් ඉදිරිපත් කරන්නෙ නෑ ආණ්ඩුවට. මොකද, අපි බලාගෙන ඉන්නවා කොහොම බ්ලූ ප්‍රින්ට් එකට එහා ගිය, මේකට වෙනස් වෙච්ච වැඩපිළිවෙළක් ඔවුන් ඉදිරිපත් කරන්නෙ කියලා. ජනාධිපතිවරයාට මුදල් බලය නෑ. ඇත්ත වශයෙන්ම දේශපාලන කෝණයකින් බලන්නෙ නැතිව ගොඩගන්න නම් පාර්ලිමේන්තුවට තමයි ඒ වගකීම තියෙන්නෙ. නැත්නම් වෙන්නෙ නැවතත් මේක මහා අගාධයකට තල්ලු වෙන එක විතරයි.”

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මේ බව පැවසුවේ ඊයේ (18) සජබ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *