මාලිමාණ්ඩුව රාජ්‍ය සේවකයන්ට කෙතරම් වටිනාකමක් ලබා දී ඇත්දැයි ඔවුන්ගෙන් විමසා දැනගත හැකි බව නි. අමාත්‍ය චතුරංග අබේසිංහ පවසයි.
අද රාජ්‍ය සේවකයන්ට හිරේ යෑමට සිදුව ඇත්තේ හිටපු පාලකයන් කියන කියන පදයට නැටීම නිසා බවටද ඔහු චෝදනා කරයි.
අද ආණ්ඩුව තීන්දු තීරණ ගන්නේ රාජ්‍ය සේවකයන්ගේ දැනුම ප්‍රයෝජනයට ගනිමින් බවද රාජ්‍යයට අවංක ලෙස සේවය කරන නිලධාරීන් තමන් ආරක්ෂා කරන බවත් දූෂිත නිලධාරීන් රකින්නට සූදානම් නැති බවත් චතුරංග අබේසිංහ අවධාරණය කරයි.
අද (06) පාර්ලිමේන්තුව අමතමින් නි. ඇමතිවරයා මේ බව කීය.