රජය මැදිහත් වී ස්වර්ණ සහල් මෙට්‍රික් ටොන් 70 000ක් ආනයනය කරන බව ප්‍රකාශ කළ ද එම සහල් තොග තවමත් මෙරටට ලැබී නොමැති බව වාර්තා වෙයි.
සහල් හිඟයට විසඳුම් ලෙස සතොස සහ රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව ඔස්සේ සහල් මෙට්‍රින් ටොන් 70 000ක් ආනනයට තීන්දු කළේ නොවැම්බර් 19 වෙනිදා පැවැති වර්තමාන ආණ්ඩුවේ පළමු කැබිනට් හමුවේ දීය.
එම තීන්දුව ගෙන මේ වන විට දින 35ක් පමණ ගත වී ඇති අතර සහල් ආනයනය සඳහා ලබා දුන් කාලය ද දෙසැම්බර් 20 වෙනිදා අවසන් වී ඇත.
එම සහල් ඇනවුමෙන් මෙට්‍රික් ටොන් 52 000ක් ඉදිරි දින කිහිපය තුළ දිවයිනට ලැබීමට නියමිත බව වාර්තා වන අතර නැවත සහල් ආනයනය සඳහා ගැසට්ටුවක් නිකුත් කිරීමට සිදුවෙයි.
මේ අතර දෙසැම්බර් 02 වෙනිදා පැවැති කැබිනට් හමුවේ දී පෞද්ගලික අංශයට සහල් ආනයනය සඳහා අවසර ලබා දුන් අතර දෙසැම්බර් 11 වෙනිදා පළමු සහල් තොගය දිවයිනට ළඟා විය. මේ වන විට පෞද්ගලික අංශය මගින් රටට දෙසැම්බර් 20 වෙනිදා වන විට සහල් මෙට්‍රික් ටොන් 67 000ක් ආනයනය කර තිබේ.