මාලිමාණ්ඩුව පඩි වැඩි කළේ නෑ, තිබ්බ පඩියත් කපලා… අපට තිබ්බ පඩිය දීපල්ලා…! – මහින්ද පතිරණ…

March 5, 2025 at 5:50 pm | by emanisa.lk

ආදායම් උපයා ගැනීමට අසමත් මාලිමාණ්ඩුව මේ වන විට සේවක වැටුප් අඩු කරමින් වියදම අඩු කර ගැනීමට කටයුතු කරමින් ඇතැයි ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ පවසයි.

විද්‍යාත්මක ලෙස වැඩ කරන බව සඳහන් කළ ආණ්ඩුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ පර්යේෂණ දීමනාව 35% සිට 20% දක්වා අඩු කර පර්යේෂණ කිරීම අධෛර්යවත් කර ඇතැයි ද හෙතෙම චෝදනා කරයි.

ආණ්ඩුව පසුගිය ආණ්ඩු ලබා දුන් දීමනා මූලික වැටුපට එකතු කිරීම හැර කිසිදු පඩි වැඩි කිරීමක් සිදුකර නොමැති බවටත් පසුගිය ආණ්ඩු ලබා දුන් වැටුප පවා අඩු කර ඇති බවටත් හෙතෙම චෝදනා කරයි.

මෙය මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් තමන් ඉල්ලන්නේ වැටුප් වැඩි කිරීමක් නොව මෙතෙක් පැවැති ආණ්ඩු ලබා දුන් වැටුප ලබා දෙන ලෙස බවත් මහින්ද පතිරණ අවධාරණය කරයි.

ඔහු මේ බව සඳහන් කළේ, සිරස සටන වැඩසටහනට එකතු වෙමිනි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *