මාලිමාණ්ඩුව ගෙදර අරින්න ඕන කෙනෙකුට උදව් කරනවා…! – චාමර සම්පත් දසනායක….

September 3, 2025 at 7:43 pm | by Namal

එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය එකතු වී බලවේගයක් ගොඩනැඟීය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් අමරසූරිය පවසයි.

සෙසු පක්ෂ එකතු කිරීමට පෙර එම දෙපාර්ශ්වය එකතු විය යුතු බවත් අවශ්‍ය නම් ඊට පසු තමන් පාපුවරුවට නැගීමට සූදානම් බවත් හෙතෙම පෙන්වා දෙයි.

තමන්ට දේශපාලනය නොකර වුව ද සිටිය හැකි බවත් වත්මන් ආණ්ඩුව ගෙදර යැවීමට ඕනෑම අයකුට තමන් උදව් කරන බව ද මන්ත්‍රීවරයා අවධාරණය කරයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ පැවති හමුවක් අමතමින් හෙතෙම මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *