මාලිමාණ්ඩුව කිව්වට කරන පාටක් නෑ.. මන්ත්‍රී විශ්‍රාම වැටුප අහෝසි කරන යෝජනාව මං ගේනවා…! – රවී..

February 2, 2025 at 4:34 pm | by emanisa.lk

පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ විශ‍්‍රාම වැටුප් අහෝසි කරන යෝජනාවක් ඉදිරි පාර්ලිමේන්තු සැසියේදී තමන් ඉදිරිපත් කරන බව නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණු පාර්ලිමේන්තු මන්ත‍්‍රී රවි කරුණානායක පවසයි.

“නැත්තං කොහොමද මේක හදන්නේ? ඒ ගොල්ලෝ දැන් එපා කියලනේ ආවේ. ඇවිල්ල දැන් අපි නැති කරනවා කියල කියනවනං දෙයියෝ තමයි බලන්න ඕන. ජනතාව කියන දේ තමයි අපිි මේ කරන්නේ .අපි මේ අවස්ථාව උපයෝගී කරගෙන හරි දේ කරනවා.

මන්ත්‍රී රස්සාව කරනව අවු5ක්. වෙන එකක් කරන්න බෑනේ? මෙතන ආදායම් හොයන්න එපා.එහෙනං දේශපාලනයට එන්න එපා. මම හිතනව 225 ම මේකට සහය දෙයි කියලා. මං හිතන්නේ දේශපාලන වේදිකාවේ කියන එක හැබැවට කිරන්න පුළුවන් පිරිසක් ඉන්න ඕන.”

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මෙම අදහස් පල කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *