ඇමති බිමල් රත්නායක ඊයේ (14) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බටලන්ද කොමිසම් වාර්තාව මෙයට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බව සමගි ජන බලවේග ගම්පහ දිස්ත්‍රික්ක සංවිධායක වරුණ රාජපක්ෂ පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ වසර 22කට පෙර විජයපාල මෙන්ඩිස් මෙම පිටු 208ක් සහිත වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ බවයි.
ඒ අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ අඳුරු මුල්ලක පුස්කකා තිබූ ලේඛනය ලෝකය ඉදිරියට ගෙන ආවේ යැයි බිමල් රත්නායක සිදුකළ ප්‍රකාශය පුස්සක් බවයි, වරුණ රාජපක්ෂ සඳහන් කළේ.
මෙය 1947 විමර්ශන කොමිසම් සභා පනත යටතේ පිහිට වූ කොමිසමක් බවත් ඊට දඬුවම් ලබා දීමේ බලයක් නොමැති බවත් ඔහු අවධාරණය කරයි.