මාලිමාණ්ඩුවේ දූෂණ චෝදනා ලැබූ ඇමති රොත්තක් රට පනින සැලසුමක්…!

April 28, 2026 at 11:08 am | by emanisa.lk

මාලිමා ආණ්ඩුවේ ප්‍රධාන ඇමතිවරුන් කිහිප දෙනෙක් රට හැර යෑමට සැලසුම් කරමින් සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි පවසයි.

මෙම ඇමතිවරු විදෙස් ගතවීම සඳහා වීසා බලපත්‍ර ඇතුළු අනෙකුත් සියලු අවශ්‍යතා සකස් කර ගනිමින් සිටින බවද ඔහු තවදුරටත් අනාවරණය කළේය.

පසුගිය කාලයේ සීනි බදු වංචා, කන්ටේනර් 323 පරීක්ෂාවකින් තොරව වරායෙන් පිට කිරීම,ප්‍රමිතියෙන් තොර ගල් අඟුරු ගෙන්වා වංචාවක් සිදු කිරීම, මහා භණ්ඩාගාරයරය සතු ඩොලර් මිලියන 2.5ක් වෙනත් පාර්ශ්වයක් අතට පත්කිරීම, කොන්ත්‍රාත්කරුවන් රැසකට එකම කටයුත්ත සඳහා කිහිප වතාවක් මුදල් ගෙවීම, ඇතුළු දූෂණ හා වංචා චෝදනා එලවී ඇති ඇමතිවරුන් රැසක් මෙලෙස විදේශගතවීමේ සැලසුමක් පිළිබඳ තොරතුරු හෙළි වෙමින් තිබෙන බවද හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

මේ සම්බන්ධව පූර්ණ විමර්ශනයක් සිදුකර දූෂිත මැති ඇමතිවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බව තිස්ස කුට්ටිආරච්චි වැඩි දුරටත් අවධාරණය කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *