මාලිමාකාරයෝ එදා සාම්පූර් හදන්න දුන්නා නම් අද විදුලි අර්බුදයක් නෑ…! – තිස්ස…

April 3, 2025 at 10:44 am | by emanisa.lk

පසුගිය 2017 සමයේ සාම්පූර් බලාගාරය සෑදීමට ගිය අවස්ථාවේ ජාතික ජනබලවේගය එය කඩාකප්පල් කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි තිස්ස අත්තනායක පවසයි.

සාම්පූර් ඉදිකරන්නට එදා ඉඩ දුන්නා නම් අද රටේ විදුලි බල අර්බුදයට විසඳුම ලැබෙන්නට තිබූ බව ද තිස්ස අත්තනායක ප්‍රකාශ කරයි.

ජාතික ව්‍යාපෘති කඩාකප්පල් කළ නායකයන් මෝදි අගමැති ගෙන්වා ඒ ව්‍යාපෘතිය ම එම ස්ථානයේදී ම ආරම්භ කරන බව පැවසිම සියයට 360කින් කණපිට හැරවීමක් බව ඔහු මෙහිදී කියා සිටියි.

ජාතික ව්‍යාපෘති, ආයෝජන, ආර්ථික ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කළ npp නායකයන් අද බලය ලබාගෙන එම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව කීම දෛවෝපගත නමුත් එවක ව්‍යාපෘති කඩාකප්පල් කිරීම හේතුවෙන් රට ආපස්සට ගොස් ඇති බවයි අත්තනායක මහතා කියා සිටියේ.

අපේ රටේ ජාතික සම්පත් ඉන්දියා- ලංකා සමාගමක් හදා විකුණා දැමීමට උත්සාහ කරන බැවින් ඊට ඉඩ නොදෙන බව ටිල්වින් සිල්වා මහතා පැවසු බවත් ජේ.ආර්. ජයවර්ධන සමයේ නිදහස් වෙළෙඳ කලාප ආරම්භ කරන විට රෝහණ විජේවීර පෙළපාලි ගිය බව ඔහු අවධාරණය කරයි.

ත්‍රිකුණාමලය තෙල් ටැංකි හා ඉන්දියාව හා ලංකාව අතර ඉදිකිරීමට යෝජිත තෙල් නළ පද්ධතිය ගැන පුදුම හිතෙන විවේචනයන් එන්.පී.පී නායකයන් කළ බව පැවසු ඔහු ත්‍රිකුණාමලය තෙල් ටැංකි මීට අවුරුදු 20කට 30කට පෙර ප්‍රයෝජනයට ගැනීමට තිබූ අවස්ථාව ඔවුන් නැති කළ බව සඳහන් කරයි.

මෙතෙක් කල් රටට වැරදි මතවාද ගෙන යමින් සංවර්ධනය කඩාකප්පල් කළ මාලිමාව කල් ගිහින් හෝ යථාර්ථයට පැමිණීම හොඳ බවත් ජනතාව රැවැට්ටු බව ජනතාවට කෙළින් කිවයුතු බවත් අත්තනායක මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.

ඒ කොළඹ සමගි ජන බලවේග කාර්යාලයේදී ඊයේ (01) පැවති සාකච්ඡාවකදීය.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *