මාර්ග දෙපස කඩා වැටීමේ අවදානමක් ඇති ගස් ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් බලධාරීන්ට උපදෙස් දී තිබේ.
මේ සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා විසින් පරිසර අධිකාරියේ, මාර්ග සංවර්ධන අධිකාරියේ සහ අදාළ පළාත් පාලන ආයතනයන්හි නිලධරීන් සමග සම්බන්ධීකරණය වී අවශ්‍ය පියවර ගන්නා ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.
අද (06) පෙරවරුවේ කොල්ලුපිටියේදී බස් රථයක් මතට ගසක් කඩා වැටීමේ සිදුවීම සම්බනධයෙන් රාජ්‍ය අමාත්‍යවරයා ප්‍රතිචාර දක්වමින් අදාළ නිලධාරීන්ට මෙම උපදෙස් ලබාදී ඇත.