පාර්ලිමේන්තුවට යාබදව මාලිවෙල පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නිල නිවාසයක මාසික කුළිය රු. 2000ක් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු විධායක සභික, නීතීඥ රවින්ද්‍ර ජයසිංහ පවසයි.
එහි නිවාස 113ක් ඇති අතර ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් 85කට අධික පිරිසක් රු. 2000 බැගින් ගෙවමින් එහි රැඳී සිටින බව ඔහු පෙන්වා දෙයි.
මෙම නිවාස තක්සේරු කර එහි අද වටිනාකමට සමාන මාසික කුළියක් ගෙවීමට කටයුතු කළ යුතු බව රවීන්ද්‍ර ජයසිංහ අවධාරණය කරයි.