ම්ලේච්ඡ හමාස් ප්‍රහාරයට ඊශ්‍රායලය ප්‍රතිචාර දැක්වීම නිවැරදියි..! – පුටින්…

October 14, 2023 at 11:15 am | by emanisa.lk

ම්ලේච්ඡ හමාස් ප්‍රහාර හමුවේ ඊශ්‍රායලයට ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය පිළිගන්නා බව රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසයි.

කෙසේ වෙතත් ගැටලුව විසඳීම සඳහා නැඟෙනහිර ජෙරුසලම එහි අගනුවර ලෙස ස්වාධීන පලස්තීන රාජ්‍යයක් නිර්මාණය කළ යුතු බව ද ඔහු අවධාරණය කරයි.

පලස්තීන – ඊශ්‍රායල් ගැටුමට සාකච්ඡාමය විසඳුමක් හැර වෙනත් විකල්පයක් නොමැති බව ද රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සඳහන් කරයි.

ස්ථිරසාර ස්වාධීන රාජ්‍යයන් දෙකක් ස්ථාපිත විය යුතුය යන ස්ථාවරයේ පිහිටා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මැදිහත් වීමෙන් එම සාකච්ඡා පැවැත්විය යුතු බව රුසියානු ජනාධිපතිවරයා තවදුරටත් පවසා ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *