ඉන්දියාවේ කාශ්මීරයේ පහල්ගම්හි පසුගියදා සිදු වූ ත්‍රස්ත ප්‍රහාරය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙළා දකියි.
ඊයේ(25) ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා වෙත දුරකථන ඇමතුමක් ලබා දී මේ බව ප්‍රකාශ කොට ඇත.
විනාඩි 15ක් පමණ දෙරටේ නායකයන් දුරකථන සංවාදයේ නිරතව ඇති අතර ප්‍රහාරයෙන් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්විය.
මේ ත්‍රස්ත ප්‍රහාරයෙන් තමා මහත් කම්පාවට පත් වූ බව මෙහිදී සඳහන් කර ඇති ජනාධිපතිවරයා ශ්‍රී ලංකාව සෑම විටම ඉන්දියානු ජනතාව සමග සහෝදරත්වයෙන් බැඳී සිටින බව ද පවසා ඇත.
ම්ලේචඡ ත්‍රස්ත ප්‍රහාරයේ වින්දිතයින්ට සහ ඔවුන්ගේ පවුල්වල අයට ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය පළ කළ ජනාධිපතිවරයා තුවාල ලැබූවන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනය කර ඇත.