බෙදුම්වාදයට එරෙහි මහ සඟ රුවන පෙරට..! 13 වන ව්‍යවස්ථා සංශෝධනයට ගිනි තබති…!

February 8, 2023 at 11:55 am | by emanisa.lk

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස බලාත්මක කිරීමට එරෙහිව මහා සංඝරත්නය අද පාර්ලිමේන්තු පිවිසුම අසල විරෝධතාවක් පැවැත්වූහ.

13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ වශයෙන් බලාත්මක කිරීම සඳහා ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට විරෝධය පළකරමින් මහා සංඝරත්නය අද (08) පෙරවරුවේ කෝට්ටේ පැරකුම්බා පිරිවෙන අසලින් මෙම විරෝධතා පාගමන ආරම්භ කළහ.

එහිදී පොලිසිය පාගමනට බාධා එල්ල කළත් භික්ෂූන් වහන්සේ අඛණ්ඩව විරෝධතාවෙහි නිරත වූහ. අනතුරුව භික්ෂූන් වහන්සේ පාගමනින් දියත උයන පසුකරමින් පොල්දූව මංසන්ධිය දක්වා වැඩම කළ අතර 13 වන ව්‍යවස්ථා සංශෝධනය ගිනි තබා විනාශ කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *