පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු කවුද යන්න සියලු දෙනාම දන්නා නමුත් එය ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමට බිය බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
තමා එම සියලු තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරියේ ප්‍රකාශ කළ බවයි, ඔහු සඳහන් කළේ.
එය සියලු ආණ්ඩු ද හමුදාව ද බුද්ධි අංශ ද දන්නා නමුත් මහමොළකරු හෙළිදරව් කළ ද ඔහු සමග සටන් කිරීමේ හැකියාවක් අපට නොමැති බව ද මෛත්‍රීපාල සිරිසේන පෙන්වා දෙයි.
ඊයේ (20) පදනම් ආයතනයේ පැවති උත්සව සභාවක් අමතමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කීය.