මහ බැංකු සේවක වැටුප් නැංවීම වැරදියි… ජනපති කමිටුවේ නිර්දේශ මෙන්න…!

June 19, 2024 at 4:14 pm | by emanisa.lk

මහ බැංකු නිලධාරීන්ගේ වැටුප් වැඩි කිරීමේ දී ඉහළ සහ පහළ නිලධාරීන්ට එකම ආකාරයට වැටුප් ඉහළ නැංවීම වැරදි බව ඒ පිළිබඳ සොයා බැලීමට පත් කළ ජනාධිපති කමිටු වාර්තාවේ සඳහන් බව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

මහ බැංකුවේ සේවය කරන කළමනාකරණ සහයක සහ කාර්යාල සහයක නිලධාරීන් ද රටේ සමස්ත රාජ්‍ය සේවයේ එම තනතුරුවල සේවය කරන නිලධාරීන්ට සමාන කොට සැලකිය යුතු බවත් මහ බැංකුවේ සේවය කළ පමණින් ඔවුන්ට එලෙස වැටුප් නැංවීම වැරදි බවත් එම කමිටුව සඳහන් කර ඇත.

එසේ ම මහ බැංකු සේවක අර්ථ සාධක පොලිය ඉහළ නංවා ගැනීම වැරදි බවත් එය නිවැරදි කළ යුතු බවත් එම කමිටුව වැඩි දුරටත් නිර්දේශ කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *