මහ බැංකු අධිපති ඉල්ලා අස්වෙයි…?

September 10, 2021 at 8:38 am | by emanisa.lk

මහ බැංකු අධිපති, මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට සූදානම් බවට තොරතුරු වාර්තා වේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ මහ බැංකු අධිපතිවරයාගේ ඉල්ලා අස්වීමේ ලිපිය ජනපති වෙත යොමු කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

මහාචාර්ය ලක්ෂ්මන් එම ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඉහළ තනතුරකට පත් කිරීමට නියමිත බවට මෙයට පෙර ආරංචි මාර්ග අනාවරණය කළේ ය. මේ අතර ඊළඟ මහ බැංකු අධිපතිවරයා අජිත් නිවාඩ් කබ්රාල් බව ද දැනගන්නට තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *