මහ බැංකුවේ ඉන්නේ විශේෂ පිරිසක්..! එයාලට ඕන විදිහට පඩි වැඩි කරගන්න පුළුවන්..!

February 19, 2024 at 6:20 am | by emanisa.lk

ලෝකයේ ඕනෑම රටක මහ බැංකුවල සේවය කරන විශේෂිත වූ ශ්‍රමයක් ලබා ගන්නා පුද්ගලයන් සිටින බවත් ඔවුන් රට තුළ රඳවාගෙන එම සේවාවන් ලබා ගැනීම සඳහා ඉහළ වැටුප් ලබාදෙන බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි .

රටක මහ බැංකුවකට විශේෂිත වූ පුද්ගලයන් නොගත්විට සිදුවන විනාශය පසුගිය කාලයේ අප අත්විඳ තිබෙන බවද සියඹලාපිටිය මහතා පවසයි .

ස්වාධීන ආයතනයක් ලෙස මහ බැංකු සේවකයන්ගේ වැටුප් තීරණය කිරීමේ බලය බැංකු පනතින්ම මහ බැංකුවට ලැබී තිබෙනවා .

එම පනත ප්‍රකාරව මහ බැංකු සේවකයන් ඔවුන්ගේ වැටුප් වැඩිකර ගැනීම සිදු කරගෙන තිබෙනව.

මහ බැංකුව වැනි මෙරට ආර්ථිකයේ තීරණාත්මක ආයතනයක විශේෂඥ දැනුම ඇති සුවිශේෂී පුද්ගලයන් සිටිය යුතු බව අමතක නොකළ යුතු බවද කීය .

මහජනතාව බදු බරෙන් පීඩා විඳිද්දී මහ බැංකුවේ පිරිස් පඩි වැඩි කර ගැනීම අසාධාරණ බව ප්‍රකාශ කරත් එහි දෙපැත්තක් තිබෙන බවත් උගත් දැනුම ඇති විශේෂිත පිරිස් රට හැර යන බවට චෝදනා එල්ල වන බැවින් එවැනි පිරිස් රට තුළ රඳවා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වී තිබෙන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස