මහ ඡන්දෙන් පස්සේ දූෂිත පොලිස් නිලධාරීන් ගස්…!

October 1, 2024 at 6:36 pm | by emanisa.lk

පාස්කු ප්‍රහාරයට සහ මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබෙන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඇතැමුන් මන්ත්‍රී ධූරයක් පවා නීත්‍යානුකූල නොවන අයුරින් පොලිස් ආරක්ෂාව ලබා ගෙන තිබුණු අතර ඔවුන් ආරක්ෂක කටයුතුවලින් බැහැරව නිවාසවල වෙනත් රාජකාරී සඳහා යොදවා තිබිය දී නැවත කැඳවීමට තීරණය කළ බව ද එහිදී අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ අතර දූෂිත පොලිස් නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන නමුත් දැන් යළි එළඹ ඇත්තේ මැතිවරණය සමයක් වන හෙයින් නව ආණ්ඩුව බලයට පත් වූ පසු එම නිලධාරීන් සම්බන්ධයෙන් තීරණ ගන්නා බව ද විජිත හේරත් මහතා අවධාරණය කළේය.

ඒ, අද (01) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *