මහ ඡන්දෙට දෙමළ පක්ෂ ගතයුතු තීන්දුව ඉන්දීය දැනුම් දෙයි..!

October 2, 2024 at 8:38 am | by emanisa.lk

ඉදිරි මහ මැතිවරණයට දෙමළ දේශපාලන පක්ෂ වෙන්ව තරඟ නොකළ යුතු බව ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සංතෝෂ් ජා මහතා දෙමළ පක්ෂ වෙත දැනුම් දී තිබේ.

ඉන්දීය මහ කොමසාරිස්වරයා කොළඹ දී දෙමළ දේශපාලන පක්ෂ හමු වූ අවස්ථාවේ දී මේ පැවසූ බව සෙල්ලම් අඩෙයික්කලනාදන් මහතා සඳහන් කරයි.

මීළඟ පාර්ලිමේන්තුවට ශක්තිමත් දෙමළ දේශපාලන මන්ත්‍රී කණ්ඩායමක් යා යුතු බවත් එවිට දෙමළ ජනතාවගේ අයිතීන් දිනා ගත හැකි බවත් සඳහන් කළ බව ද අඩෙයික්කලනාදන් පවසයි.

හෙතෙම මෙම අදහස් පැවසූවේ වවුනියාවේදී පැවති මාධ්‍ය හමුවකදීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *