මහින්ද – මෛත්‍රී ලංකාව ලෝකයේ දූෂිතම රටවල් 10 අතරට අරන් ගියා..! – චන්ද්‍රිකා…

December 13, 2022 at 12:04 pm | by emanisa.lk

රටක් හදන්න පැහැදිලි දර්ශනයක් සහිත ආණ්ඩුවක් තිබිය යුතු බවත් ලෝකයේ වැඩියෙන්ම හොරකම් කරන රටවල් 10 අතර ලංකාවත් එක් රටක් බවත් හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක පවසයි.

නව ලංකා ⁣නිදහස් පක්ෂය අනාගතයට වෙනසක් දේශපාලන වැඩසටහන යටතේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් සංවිධානය කළ ජනහමුවේ දී හිටපු ජනාධිපතිනිය එසේ සඳහන් කළාය.

රට හදන්න රට ගොඩනගන්න තරුණ නායක්ත්වය අවශ්‍යයයි. අපි කවමදාවත් අමතක කරන්නෙ නෑ අරගලයේ පණිවිඩය. මේ තරුණ අරගලය අපේ රටේ ඇති වුණ ඉතා වැදගත් වටිනා මහා පෙරළියක්. ඓතිහාසික සිදුවීමක්. මේ අරගලය එසේ මෙසේ දෙයක් කියා හිතන්න එපා. මුළු රටම උඩු යටිකුරු කරපු පවතින පාලන ක්‍රමය ඔළුවෙන් හිටවපු මේ කටයුත්ත දැන් අමතක කරවන්ඩ උත්සහ කරනවා.

මේ අරගලයේ පණිවිඩය කුමක්ද? අවුරුදු 70 ගණනක් බලයට ගෙනල්ලා ඒ හැම දෙනාම අපි රැවැට්ටුවා. හැම දෙනාම නොවෙයි. ටික දෙනෙක් රැවැට්ටුවා. හොරා කෑවා. මීනී මැරුවා. රට කෑවා. ඒ අය කීවේ අපිට 225 එපා. අපිට අලුත් නායකත්වයක් අලුත් දර්ශනයක් අවශ්‍යයයි කියලා. පොදුවේ රට පාලනය කරන දේශපාලන සංස්කෘතියක් සහිත රට ගොඩනගන්නට නව නායකත්වයක් අවශ්‍යයයි. රැඩිකල් වෙනසක් ඔවුන් බලාපොරොත්තු වුණා.

අපේ රට පුංචි වුණත් අවුරුදු 2300 පුරා පෞඩ ඉතිහාසයක් තිබුණ රටක්. මුළු ලෝකයම පුදු ම කරවන වැව් හදපු රටක්.ඒ තාක්ෂණය සොයාගෙන ලෝකයේ ඉංජිනේරුවන් අපේ රටට ආවා.අද අපිට ඉන්ධන නෑ. කන්ඩ කෑමක් නෑ. විදුලිය නෑ. ආණ්ඩුව බිංදුවටම කඩා වැටිලා. හොඳ අධ්‍යාපනයක් නැත්නම් රටක් ගොඩගන්ඩ බෑ. මේ තත්ත්වය යටතේ අපට රට ගොඩගන්ඩ නායකත්වයක් නැති පාටයි.

රටේ හැමදාමත් තිබුණේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකක් පමණයි. එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අද එක්සත් ජාතික පක්ෂය දෙකට කැඩිලා. රනිල්ගේ කල්ලිය. සජිත්ගේ කල්ලිය. අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නැත්තටම නැති කරලා. අනික් හැමෝටම වඩා මට කනගාටුයි.
පක්ෂය අද වෙන කොට කෑලි හයකට කැඩිලා.

මහින්ද රාජපක්ෂ පක්ෂය විනාශ කළා. රාජපක්ෂලාට සිහිනයක් තිබුණා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විනාශ කරලා ඒ අයට ඕන විධියට පක්ෂය නැවත ගොඩනගා ගන්න. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයෝ හොරකම් කළේ නෑ. හිටපු නායකයා හොරා කෑවා. පක්ෂය විනාශ කළා. තමන්ගේ දරුවන්ට ගෑනිට තමන්ගේ බුදලය කියලා බෙදා දුන්නා. සිරිසේන ඒ මිනිහා ඉතුරු ටික නැත්තටම නැති කළා.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *