මහින්ද මහත්තයා ආරක්ෂා කළේ ජවිපෙ රතු හමුදාවයි…! – නාමල්…

December 10, 2022 at 4:53 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා ක්‍රම කිහිපයක් අනුගමනය කළ බව හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසයි.

88-89 කාලයේ ආයුධ බලයෙන් ආණ්ඩුව ගැනීමට උත්සාහ කළ එම පක්ෂය අනතුරුව චන්ද්‍රිකා බණ්ඩාරනායක සමග පරිවාස ආණ්ඩුවකට ගිය බව ද නාමල් රාජපක්ෂ පෙන්වා දෙයි.

එසේ ම 2004 ජනාධිපතිවරණයේ දී ශ්‍රීලනිපය කර ඇර සිටිය දී මහින්ද රාජපක්ෂ ජයග්‍රහණය කරවීමේ බර ඇද්දේ ජවිපෙ බව ද ඔහු සිහිපත් කළේය.

එසේ ම එකල මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව ඉවත් කළ විට ඔහුට ආරක්ෂාව ලබා දුන්නේ ජවිපෙ සාමාජිකයින් බව ද නාමල් රාජපක්ෂ වැඩි දුරටත් ප්‍රකාශ කළේය.

අද (10) පොදුජන පෙරමුණු නෙලුම් මාවත කාර්යාලයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *