2020 මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රී ධූර 149ක් හිමි වුව ද පක්ෂයේ අත්තනෝමතික තීන්දු නිසා එම මන්ත්‍රී ධූර සංඛ්‍යාව 24 දක්වා පහත වැටී ඇති බව අමාත්‍ය කාංචන විජේසේකර පවසයි.
රනිල් වික්‍රමසිංහට සහයෝගය පළ කිරීම පිළිබඳ පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මුල දී දැරුවේ මහ ලේකම් සාගර කාරියවසම් දරන මතයට සපුරා පටහැනි මතයක් බවත් මේ වන විට පක්ෂයේ 2/3කට වැඩි පිරිසක් පක්ෂයේ මතයට එරෙහිව ජනාධිපතිවරයාට සහයෝගය පළකරමින් ඇතැයි ද ඇමැතිවරයා පෙන්වා දෙයි.
අද පක්ෂයේ ජාතික කැඳවුම්කරු රෝහිත අබේගුණවර්ධන ජන මතය සමග සිටගත් ආකාරයට ම හෙට පක්ෂයේ භාණ්ඩාගාරික පවිත්‍රා වන්නිආරච්චි ද තීන්දුවක් ගනු ඇති බවයි, ඔහු සඳහන් කළේ.
කෙසේ වුව ද පක්ෂයේ තීන්දුව වෙනස් කිරීමට තවමත් ප්‍රමාද නැතැයි ද එසේ නොකළහොත් පක්ෂයේ කිසිවෙකු ඉතිරි වේද යන්න සැක සහිත බව ද ඇමැති කාංචන විජේසේකර අවධාරණය කරයි.