මහින්දට රනිල් එක්ක පුළුවන් නම් ඩල්සට අනුර එක්කත් පුළුවන්…!

September 1, 2023 at 10:06 am | by emanisa.lk

රනිල් වික්‍රමසිංහට මහින්ද රාජපක්ෂ සමග එක්වීමට හැකි නම් ඩලස් අලහප්පෙරුමට අනුර කුමාර දිසානායක සමග එක්වීමට නොහැකි මන්දැයි නිදහස ජනතා සභාවේ මාධ්‍ය ප්‍රකාශක, පාර්ලිමේන්තු මන්ත්‍රී ඩිලාන් පෙරේරා විමසයි.

එබැවින් ඉදිරි ජනාධිපතිවරණයට සියලු පක්ෂ එක් කරගත් පුළුල් සන්ධානයකින් අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම බලාපොරොත්තුව බව ද හෙතෙම සඳහන් කළේය.

පසුගියදා ඩලස් අලහප්පෙරුම ඇතුළු නිදහස ජනතා සභාවේ පිරිසක් පැලවත්ත ජනතා විමුක්ති පෙරමුණු ප්‍රධාන කාර්යාලයේ දී අනුර දිසානායක ඇතුළු ජවිපෙ නායක පිරිසක් හමු වී සාකච්ඡා කළහ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *