මහින්දට අප්පචිච් කී රෝහිතට දැන් රනිල් අප්පච්චි වෙලා… එයාට දැන් අප්පොච්චිලා දෙන්නයි…! – අනුර…

August 5, 2024 at 10:05 am | by emanisa.lk

මේ වන විට රටේ පවතින ලැජ්ජා සහගත දේශපාලනය අවසන් කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතා පවසයි.

“පොහොට්ටුව තුනට බෙදිලා. පොහොට්ටුවේ ජාතික මෙහෙයුම් නායක රෝහිත අබේගුණවර්ධන අද ප්‍රසිද්ධියට පත්කරලා තිබෙනවා ඔහු යනවා කියලා රනිල්ගෙ සහායට. ප්‍රසන්න රණතුංග කෑමොර දීලා කියනවා ඔහු යනවා රනිල්ගෙ සහායට. මහින්ද රාජපක්ෂට අප්පච්චි කියමින් හිටපු රෝහිත අබේගුණවර්ධනට දැන් රනිල් අප්පච්චි වෙනවා. දැන් අප්පච්චිලා දෙන්නයි. ලැජ්ජා නැද්ද මේ දේශපාලනය ?

මහින්දානන්ද අලුත්ගමගේ කිව්වා රනිල් වික්‍රමසිංහ හිරේ දානකල් නින්ද යන්නෙ නෑ කියලා. හැබැයි දැන් මහින්දානන්ද රනිල් වික්‍රමසිංහගේ ඔඩොක්කුවේ නිදි. බන්දුල ගුණවර්ධන පහුගිය ඡන්ද කාලෙ පත්තරේ දැන්වීමක් දැම්මා මහ දවල් මහ බැංකුවේ මහා වංචාව හෙළිදරව් කරපු ප්‍රාඥයා අංක 16න් කොළඹට කියලා. දැන් ඒ බන්දුල රනිල් ගාව. දැන් මහ බැංකු හොරාත් එතන, හෙළිදරව් කරපු කෙනාත් එතන. මේ කැත පන්නයේ දේශපාලනය අපි අවසන් කළ යුතුයි.”

අනුර කුමාර දිසානායක මහතා මේ බව පැවසුවේ ඊයේ (04) මාලිගාවත්තේ පැවති ජාජබ විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජික සමුළුවක් අමතමිනි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *