හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයින් ගමන් ගන්නා රථ තුනක් නැවත රජයට භාර දෙන ලෙස දැනුම් දී තිබේ.
ජනාධිපති කාර්යාලය මගින් ලිපියක් යවමින් මෙම දැනුම් දීම කර තිබේ.
හිටපු ජනාධිපතිවරයා මේ වන විට තංගල්ල නිවසේ රැඳී සිටින අතර ඔහු කොළඹට පැමිණි විට එම රථ භාරදීමට සූදානම් බව වාර්තා වෙයි.
හිටපු ජනාධිපති වරප්‍රසාද ඉවත් කිරීම පිළිබඳ සලකා බැලීමට කමිටුවක් පත්කර ඇති පසුබිමක මෙවැනි තීන්දුවක් ගැනීම බොහෝ පාර්ශ්වල කතා බහට ලක්ව ඇති අතර තිස් වසරක යුද්ධය නිමා කළ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව පිළිබඳ බුද්ධි අංශ වාර්තා කැඳවා තක්සේරුවක් සිදුකර මෙම තීන්දුව ගත්තේ ද යන්න සමාජ මාධ්‍යවල ප්‍රශ්න කරමින් ඇත.