මහින්දගේ ආරක්ෂකයන් 116ක් කැඳවයි.. සමූහ ඡායාරූප ගෙන වැඳ සමුදෙති..!

December 13, 2024 at 4:40 pm | by emanisa.lk

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට සිටි ආරක්ෂක නිලධාරීන් 116 දෙනෙකු ඊයේ (11) වන විට එක්වර ඉවත් කර ඇතැයි වාර්තා වෙයි.

හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා ඉතා සුළු ආරක්ෂක නිලධාරීන් පිරිසක් පමණක් ඉතිරි කර ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ මනෝජ් ගමගේ සඳහන් කරයි.

මානව සම්පත් කළමනාකරණ අංශයේ නියෝජ්‍ය පොලිස්පති එම්.එන්. සිසිර කුමාරගේ අත්සනින් මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂක කොට්ඨාසය වෙත පෙරේදා (10) දින දන්වා අදාළ නිලධාරීන්ගේ නම් ලැයිස්තුව ඒවා ඇතැයි හෙතෙම ප්‍රකාශ කරයි.

ඉවත්කර ඇති ආරක්ෂක නිලධාරීන් 116 දෙනා අතර ඉතාමත් වැදගත් ප්‍රභූ ආරක්ෂාව පිළිබඳව පළපුරුදු නිලධාරීන් ද සිටින බවත් එය ඉතාමත් බරපතළ කාරණයක් බවත් මනෝජ් ගමගේ ප්‍රකාශ කරයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *