මහ බැංකුව භාරදූර වගකීමක් දරන ආයතනයක නිලධාරියෙකුට රුපියල් ලක්ෂ 17ක් පඩි දීමේ වරදක් නැතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.
ජීවන වියදම දරාගත නොහැකිව රටේ සිටින දක්ෂයින් විදෙස්ගත වෙමින් ඇතැයි ද එම පිරිස නවතා ගැනීමට එවැනි පියවරක් අවශ්‍ය බව ද හෙතෙම පෙන්වා දෙයි.
එහෙත් රට බංකොලොත්වීම වළක්වා ගැනීමට මහ බැංකුව සිය වගකීම ඉටු කළේ ද යන්න ප්‍රශ්නයක් බවයි, මන්ත්‍රීවරයා සඳහන් කළේ.
පාඨලී චම්පික වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මහ බැංකුව මෙහි දී සිය වගකීම ඉටු කොට නොමැති බවයි.