මහලු ලොක්කාගේ කරදර තවත් ඉවසන්න බෑ කියා ITN නිවේදිකාව රැකියාවට සමුදෙයි…!

April 22, 2023 at 2:50 pm | by emanisa.lk

ස්වාධීන රූපවාහිනී සේවයේ නිවේදිකාවක ලෙස කටයුතු කළ ඉෂාරා දේවේන්ද්‍ර එම රැකියාවෙන් ඉවත්ව තිබේ. ඒ සඳහා බලපෑ හේතු පිළිබඳ ඈ සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනක් පහත දැක්වෙයි.

මගේ ආසම රස්සාව මම අත් හැරියා… ආත්ම ගරුත්වය වෙනුවෙන්..

මේ කතාව මට කියන්න ඕන වුනේ 2023.03.15 වෙනිදා.

නමුත් ඇයි මම News කියන්නේ නැත්තේ,ඇයි පත්තරේ කරන්නේ නැත්තේ කියලා අදට ගොඩාක් අය අහන නිසා මේ කතාව මම අද කියනවා….

2008 අවුරුද්දේ ළමා ප්‍රවෘත්ති නිවේදිකාවක ලෙස මාධ්‍ය ජීවිතයට අත්පොත් තියපු මම 2023.03.15 ඒ මාධ්‍ය ජීවිතයට නැවතීමේ තිත තියන්නට හිතනවා. ඒ ලොකු කලකිරීමක් දුකක් එක්ක.

මම මගේ රැකියාවට වඩා ඉහලින්, මගේ ආත්ම ගරුත්වය ආරක්ෂා කරන්නට නිරන්තරයෙන් කටයුතු කරන කෙනෙක්. ගෑණියෙක් තනියම ජීවත් වුණ පලියට ඒ ගෑණි වේස ගෑණියෙක් වෙන්නේ නෑ කවදාවත්ම. ඒක නොතේරෙන මහල්ලෝ සමහර මධ්‍ය ආයතනවල ලොකු පුටුවල ඉන්නවා බොරු හයියක් මවාගෙන.

මම ආයතනය ගණනාවක සේවය කරලා තියෙනවා.

නමුත් අවාසනාවකට මේ කියන ආයතනයේ හිටියේ ජීවිතේ ඇරියස් තියෙන මහල්ලෝ. ඒ වගේම ඉහලට යන්න නම් ඔයා මගේම වෙන්න ඕන කියන වනචරයෝ. මවාගත්ත පෞර්ශයක් තියෙන පුස්සෝ. කෙනෙක් කරදරේ වැටුනාම ඒකෙන් ප්‍රයෝජන අරන් පිහිටට බලෙන් එන බොස්ලා…

කොහොම වුනත් මේ ගැන අදටත් කිසිම action එකක් නැති තැන මගේ මානසික සුවය උදෙසාත්, මගේ ආත්ම ගරුත්වය මට අංක 1 නිසාත් මම මගේ අවුරුදු 15 මාධ්‍ය ජීවිතය මේ විදිහට අවසන් කරන්නට හිතුවා.

මේක media වල විතරක් තියෙන දෙයක් නෙවෙයි , මේක මේ රටේ වුන පලවෙනි සිද්ධිය වත් අවසන් සිද්ධිය වත් නෙවෙයි . කවුරු තනතුරු වලට ආවත් මේ දේවල් වෙනස් කරන්න උත්සාහ ගනිවිද කියල තියෙන්නේ ලොකු සැකයක්.

ඒ නිසා කවදා හරි ඔයාගේ දුව, wife, නංගි,අක්කා මේ වගේ සෙවල නාකින්ට අහුවෙන්න දෙන්න එපා. මට වගේම තවත් ගෑණු ලමයින්ට දුන්න මානසික වදය ,බලපෑම තවත් කෙනෙක්ට හෙට දවසේ වෙන්න දෙන්න එපා කියලයි මම අයින් වෙලා එද්දීත් හිටපු බලධාරීන් ගෙන් කරපු එකම ඉල්ලීම.ඒ ඉල්ලීම ඉශ්ට වෙයි කියලා මම අදටත් විශ්වාස කරනවා..

“ඉෂාරා දේවේන්ද්‍ර” වෙනුවෙන් ආදරය කලාට..මෙතුවක් කල් මගේ ප්‍රවෘත්ති කියවීමේ කලාවට ආදරය කලාට

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස