මහනුවරින් ඇල්ලූ සුපිරි ජීප් රථය ලොහාන්ගේ නෙමෙයි, ගාල්තැන්නේ කපුවාගේ…!

November 3, 2024 at 9:42 am | by emanisa.lk

මහනුවර දී අත්අඩංගුවට ගත් ලියාපදිංචි නොකළ සුපිරි ජීප් රථය හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේගේ නොවන බව අනාවරණය වී තිබේ.

ලියාපදිංචි නොකළ වාහනයක් ඇති බවට ලද ඔත්තුවක් අනුව පොලිසිය සිදුකළ පරික්ෂා කිරීමක දී මෙම වාහනය අත්අඩංගුවට පත් විය. එහි දී අදාළ නිවෙස් හිමියා පවසා ඇත්තේ ලොහාන් රත්වත්තේ මහතාගේ පසුගියදා සිය දිවි නසාගත් රියදුරා මෙම වාහනය සිය ආයතනයට රැගෙන ආ බවයි.

කෙසේ වුව ද පොලිස් විමර්ශවල දී හෙළි වී ඇත්තේ මෙය පසුගිය සමයේ ගාල්තැන්නේ කපුවා නමින් ප්‍රසිද්ධියට පත් පුද්ගලයා සහ ඔහුගේ පුතා පරිහරණය කළ වාහනයක් බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *