මහජන බැංකුව තවත් මිලියන 656ක් වැඩිපුර ගෙවලා… ආපසු ඉල්ලා පස්සෙන් යයි…!

May 17, 2026 at 11:07 am | by emanisa.lk

මහජන බැංකුව විදේශ මුදල් හුවමාරු සඳහා භාවිත කරන ප්‍රේෂණ පද්ධතියක් තුළ 2023 මැයි සිට 2026 මාර්තු දක්වා කාලය තුළ එක් මුදල් ඒකකයකින් විනිමය අනුපාතිකය පරිවර්තනය වීමේදී සිදුවූ දෝෂයක් හේතුකොටගෙන යම් ගනුදෙනුකරුවන් පිරිසකට ලැබිය යුතු මුදල් ප්‍රමාණයට වඩා වැඩිපුර මුදල් ලබාදී ඇතැයි මෑතකදී හඳුනාගත් බව මහජන බැංකුව පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් එම බැංකුව පවසන්නේ මේ නිසා සිදුවූ ඇස්තමේන්තුගත මූල්‍ය බලපෑම රුපියල් මිලියන 656ක් බවත් එය අදාළ ගනුදෙනුකරුවන්ගෙන් නැවත අයකරගැනීමේ ක්‍රියාවලිය මේ වනවිට ආරම්භ කර ඇති අතර එය සාර්ථකව සිදුවෙමින් පවතින බවත් ය.

මීට පෙර ලංකා බැංකුවේ මෙහෙයුම් පද්ධති දෝෂයක් හේතුවෙන් මාර්ග සංවර්ධන අධිකාරියේ කොන්ත්‍රාත්කරුවන් පිරිසකට රුපියල් මිලියන 263කට අධික මුදලක් වැරදීමකින් ප්‍රේෂණය වී ඇති බව වාර්තා වී තිබිණි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *